ඇල්බේනියාව විසින් ලෝක ඉතිහාසය වෙනස් කරන පියවරක් ගත්තා.
ඒ ලෝකයේ පළමු AI ඇමතිවරිය නිර්මාණය කිරීමෙන්.
Diella නමින් හැදින් වූ Artificial Intelligence (AI) පද්ධතිය, රටේ පොදු ගනුදෙනු අමාත්‍යවරිය (Minister for Public Procurement) ලෙස පත් කෙරුණා.
කවුද මේ Diella
AI තාක්ෂණයෙන් නිර්මාණය වූ ඇයට සජීවී වටපිටාවක් ඇති digital avatar එකක් ලෙස හැසිරිමේ හැකියාව පවතින අතර ඇල්බේනියානු සංස්කෘතියට අයත් ඇඳුමකින් ඇය නිරූපිත වෙනවා.
එරට අග්‍රාමාත්‍ය වරයා විසින් Diella පත් කර ඇත්තේ පොදු ගනුදෙනු (Public Procurement) අමාත්‍යවරිය ලෙසයි.
ඇල්බේනියාවේ ජාතික තොරතුරු සමාජ නියෝජිත ආයතනය (AKSHI) විසින් develop කරන ලද පද්ධතියකින් මෙය නිර්මාණය වෙනවා.
2025 ජනවාරි මාසයේදී e-Albania සේවා මූලික වෙබ් අඩවිය තුළ virtual assistant එකක් ලෙස ජනතාවට ලියකියවිලි ලබාගැනීම, සේවා සොයගැනීම, සරල ගැටලු විසඳීම වැනි කාර්යයන් කරමින් ආරම්භ කර තිබෙනවා.
Diella අමාත්‍යවරිය යටතේ රජයේ ටෙන්ඩර්, කොන්ත්‍රාක්ට්, ගනුදෙනු ආදී සම්පූර්ණ ක්‍රියාවලි පාලනය කිරීම සිදු වෙනවා.
මීට පෙර අවස්ථාවන් වල මෙම ක්‍රියාවලීන් නිසි පරිදි සිදු නොවුනත් Diella ගෙන් රජය බලාපොරොත්තු වන්නේ 100% විනිවිදභාව සහ දූෂණය නැති සම්පූර්ණ ක්‍රියාවලියක්
අල්බේනියා රට තුළ AI තාක්ෂණය භාවිතා කරමින් ලෝකයේම ප්‍රථම AI-අමාත්‍යවරිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ සේවාවන් තුළ පවතින දුෂණය සහ වංචා අවම කිරීමයි.
අදාළ AI පද්ධතිය සම්පූර්ණයෙන්ම තොරතුරු මත පදනම් වී ක්‍රියා කරන නිසා, එය පාර්ශවික බලපෑම්වලට හෝ පුද්ගලික අරමුණු වලට යටත් නොවීම රජය බලාපොරොත්තු වෙනවා.
මේ හරහා ජනතාවට ආරක්ෂිත, සමාන හා නිසි සමාජ සේවාවක් ලබා දීමට හැකි වන බව විශ්වාස කෙරෙනවා.
මෙය තාක්ෂණය සහ රාජ්‍ය පාලනය එකට බැඳී යන නව යුගයක ආරම්භයක් ලෙස ලෝක අවධානය ආකර්ෂණය කරමින් තිබෙනවා.
Diella කියන්නේ තාක්ෂණය, දේශපාලනය, සහ ජනරජවාදය එකම වේදිකාවක එකතු කරන ලෝකයේ පළමු උත්සාහය.
මෙය ඇල්බේනියාවට විශේෂිත පියවරක් වුවත්, ලෝකයටම අලුත් ගමනක් ආරම්භ කරන සංඛේතයක්.
ඇල්බේනියාවට මේ AI ඇමතිවරිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නම්, ලෝකය නව ධාවනයකට පිවිසෙයි.
නමුත්, එය අසාර්ථක වූ විට, AI සහ දේශපාලනයේ සම්බන්ධය ගැන ලොකුම ගැටලුවක් මතු වනු ඇත.