ඇමැති අලි සබ්රි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය
ඔහු නව ඇමැති ධූරයේ දිව්රුම් දෙන්නේ, දැනට දරන විදේශ කටයුතු ඇමැති ධූරයට අමතරවය.
හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ ඇමැති ධූරය විදේශ ඇමැතිවරයා විසින් භාරගනු ලැබිය .
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන ඇමැති ධූරවලින් පසුගියදා ඉල්ලා අස්විය.
අලි සබ්රි මීට පෙරද අධිකරණ ඇමති ධූරයේ කටයුතු කර ඇත.