ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ 11/10 දින දහවල් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම චාරිකාවට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ ඩී.අබේවික්‍රම , උප සභාපති සිරිල් වන්නිගම සහ ගුවන් තොටුපොළ ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන් සහභාගී වී සිටියහ .
එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු වෙත ගොස් , එහි සේවයේ නිරත සේවකයින් සමග කතා කරමින් , ඔවුන්ගේ ගැටළු හදුනා ගනිමින් , ඒවාට පිළියම් යෙදීමට උත්සුක වූහ .
ගුවන් තොටුපොළ සේවකයින්ට ඉකුත් 2023 වසරේ ප්‍රසාද දීමනා සදහා ගෙවූ රුපියල් 50,000 ක මුදල , මෙම 2025 වසරේ ඔවුන් ගෙන් ආපසු අය කර ගැනීමට වූ යෝජනාව සදාචාර විරෝධී එකක් බැවින් එම යෝජනාව අහෝසි කිරීමට පියවර ගැනීමට පියවර ගෙන තිබුණි .
මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම පිළිබඳ ක්ෂණිකව ගුවන් මගීන්ට දැනුම් දීම සදහා , පැය 24 තුළ ක්‍රියාත්මක විශේෂ සන්නිවේදන ඒකකයක් පිපිහිටුවීමට ද උපදෙස් දී තිබුණි .
එමෙන්ම 2024 වසරේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස අලුතින් බදවා ගත් නිලධාරීන්ට මේ වනතුරු එක් නිල ඇදුමක් පමණක් ලබා දී තිබීම අමානුෂික බැවින් , ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල ඇදුම් 03 ක් ලබා දීමට පියවර ගැනීමට උපදෙස් දී තිබුණි .
එසේම ගුවන් තොටුපොළ සේවකයින් , මුහුණ දෙන ගැටළු සදහා ඔවුන් සතුටු වන ආකාරයේ විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ගුවන් තොටුපොළ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබුණි.