ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය ජාලයට අයත් ප්‍රංශයේ පිහිටි කාර්යාල කිහිපයක් අද (03) පැරිස් නඩු පවරන්නන්ගේ කාර්යාලයට අනුබද්ධ සයිබර් අපරාධ ඒකකය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ. යුරෝපීය පොලිස් ආයතනය වන Europol හි ද සහාය ඇතිව සිදු කළ මෙම වැටලීම, X හි ඇල්ගොරිතම ක්‍රියාකාරිත්වය හරහා දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම, දත්ත අවභාවිතය සහ ‘Grok’ කෘතිම බුද්ධි මෙවලම හරහා අසභ්‍ය වීඩියෝ (Deepfakes) ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් 2025 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනයක කොටසකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා X හිමිකරු ඊලෝන් මස්ක් සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනි ලින්ඩා යාක්කරිනෝ වෙත ලබන අප්‍රේල් 20 වැනිදා පැරිස් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද දැනටමත් සිතාසි නිකුත් කර ඇත.














