• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඉඩම් පවරා ගැනීමේ දී වටිනාකම් තක්සේරුව වහාම නිවැරදි කළ යුතුයි – ඇමති ජොන්ස්ටන්

14 January 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවත් මෙසේ සංවර්ධනයට මුවා වී තම පෞද්ගලික සුභ සුද්ධිය තකා කටයුතු කරමින් අසාධාරණ පාලනයක් ගෙන ගොස් ඇති බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

අමාත්‍යවරා මේ බව පැවසූවේ අද (14) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අධිවේගී මාර්ග සංවර්ධනයේ දී ජනතාවට මුහුණ පාන්නට සිදු ව ඇති මෙතෙක් නොවිසඳුණු ගැටළු සඳහා ඔවුන් සමගම සාකච්ඡා කරමින් ලබාදිය හැකි විසඳුම් කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට තමා කටයුතු කරන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “සංවර්ධනයේ දී ජනතාව පීඩනයට පත්කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් කරපු දෙයක් හැටියටයි එය අපි දකින්නේ. ඉඩම් පවරගන්නා විට ඔවුන්ට ස්ථාවර විදියට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදියට තමයි අපි එදා ඉඩම් පවරා ගන්නකොට වටිනාකමක් ලබාදුන්නේ. 2015 න් පස්සේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඉතාමත් කුරිරු ලෙස ජනතාවගේ පැත්තෙන් බලන්නේ නැතිව ඔවුන්ගේ ඉඩ කඩම් පවරගන්න විට එදා තිබුණ මිළට තමයි තක්සේරු කරලා ඉවර වෙලා ඔවුන්ට ගෙවලා තියෙන්නේ. ඒත් ඒ තක්සේරු වල ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි අද ජනතාව ලිපි ගණනාවකින් අපිව දැනුවත් කරලා තියෙන්නේ. ඒ සඳහා අපි විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට ගෙවන මුදල අඩු කරන එක විතරක් නෙවෙයි එදා දුන්න තක්සේරුවත් ඉතාමත්ම අසාධාරණ තක්සේරුවක් හැටියටයි අපි දකින්නේ. හිතක් පපුවක් නැතිව තමයි සංවර්ධනය කරන ගමන් රටේ ඒකෙන් හොරකම් කරමින් අහිංසක ජනතාවගේ ඉඩම් පවරගන්නකොට ජනතාව දිහා බලන්නේ නැතිව තමන් විතරක් යැපෙන්න, ඇමතිවරු යැපෙන්න, අගමැතිවරු යැපෙන්න බලපු යුගයක් තමයි ඒ යුගය. මේ ආණ්ඩුව යටතේ ඉතාමත්ම ඉක්මනින් මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ හිටියා නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ තමයි දැන් මේ රටේ ජනතාව ගමන් කරන්නේ. නමුත් මේකෙ සංවර්ධනය වසර 25 ක් ආපස්සට ඇදගෙන ගිහිල්ලා තියෙනවා යහපාලන ආණ්ඩුව. මට දැනෙන විදියට මේ මීරිගම කොටස අවසන් කරන්න තවත් වසර 04 ක් පමණ ගතවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මීරිගම ඉඳලා කුරුණෑගලට හැකිතරම් ඉක්මනට හදලා ඉවර කරන්න. අඩු ගාණෙ මීරිගම සිට කුරුණෑගලට හරි ජනතාවට යන්න පුළුවන් වෙන්න. මේ සම්පූර්ණ වගකීම පසුගිය රජය ගන්න ඕන. කයිවාරු ගැහුවට, මඩ ගැහුවට ඔවුන් වැඩ බැරි අසාධාරණ ආණ්ඩුවක් හැටියටයි අපි දකින්නේ…..” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි 

Post Views: 1
Previous Post

රන්ජන් එජාපයෙන් එලියට

Next Post

මෙරට හමුදාවට අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරනවා – රුසියානු විදේශ ඇමැති කියයි

editor

editor

Next Post

මෙරට හමුදාවට අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරනවා - රුසියානු විදේශ ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved