27 April 2024
#දේශීය

රන්ජන් එජාපයෙන් එලියට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා ඇති මාධ්‍ය හමුවකදිය.

එහිදී මහලේකම්වරයා කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පක්ෂයට ලැබුණු පැමිණි හේතුවෙන් පක්ෂ නායකවරයා විසින් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවයි.

එසේම ඉදිරියේදී පක්ෂ කතෘධීකාරි මණ්ඩලය රැස්වීමෙන් පසුව මේ සම්බන්දයෙන් අවසන් තීරණයක් ගන්නා බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *