කාලගුණ වාර්තාව අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරියේදී වැසි සහිත කාලගුණයක් පවතින බව සඳහන්.
ඌව පළාත සහ දිස්ත්‍රික්ක 5ක ඌව පළාතෙත්, අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
උතුරු පළාත, මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, හම්බන්තොට සහ මොනරාගල ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 ක පමණ වේගවත් සුළං ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














