පසුගිය කාලයේ ඇතිවු අර්බුදයෙන් රට මුදවාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පුර්ණ සහය ජනාධීපතිවරයාට ලබා දෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදයම්ලාභි ජනතාවට රජය මගින් ලබා දෙන සහල් ලබා දිමේ වැඩසටහනට එක්වෙමිනි.එම උත්සවය කිරිමැටිය ගම්මානයේ දි පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා “ රටක් විදිහට අප දැන් ආර්ථික ස්ථායිතාවයකට පත්වෙමින් පවතින බව මහ බැංකු වාර්තා දක්වා සිටිනවා. මේ තත්වයට ඒමට බොහෝ පිරිස් කැපවීම් කලා. අපේ යුතුකම එයින් ලැබෙන ප්‍රතිලාභ සුරක්ෂිත කරමින් ජන ජීවිතය සවිමත් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ සිදුකර දීමට අපගේ මහජන සේවා පුළුල් කිරීම වැදගත් වෙනවා.විපක්ෂයේ අය දැන් පිස්සුවෙන් වගේ විවිධ දේවල් කියනවා. මාලිමාව උතුර දකුණ මාරුවෙලා කෑගහනවා. සමහර ජන රැලිත් දැන් ශූන්‍ය ගතියෙන් යනවා. ජනතාව මේ සියල්ල හොදින් අවධාරණය කරගෙන සිටිනවා. අභියෝග භාරගත් වර්තමාන නායකයා විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යම් තරමක් හෝ මේ රටගොඩනගන්නට සැලසුම්ගත වැඩපිළිවෙලකට අවතීර්ණ වෙනවා. එතුමාට එහි ශීර්ෂ ප්‍රණාමය හිමිවෙන්න ඕනෑ. ගෑස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දේවල් වලට යම් සහනයක් ගෙනල්ලා තියනවා. රටේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට සහල් සහනාධාරය ලබා දෙනවා ඒ අතරෙත් සමහර අය පුංචි පුංචි දේවල් අල්ලගෙන රටේ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරනවා. සංචාරක කර්මාන්තයත් හිස ඔසවමින් එන වෙලාවක මේ ව්‍යාකූල තත්වයන් නිසා සංචාරකයන් අපේ රටට ඒම අඩුවෙනවා. ලෝකයේ හොදම සංචාරක රටවල් 23 අතරට ලංකාව පත්වීම ගැන අපි හැමටම සතුටුවන්න පුළුවන් කාරණයක්. මෙයින් අපේ ඩොලර් අර්බුදයට ක්ෂණික විසදුමක් සොයා ගන්නට පුළුවන්. අපි සියල්ල නුවනැසින් විසදාගෙන වුනු වැරදි හදාගෙන යහපත් හෙට දවසකට අපේ ජනතාව පෙලගස්වා ගැනීම අපේ වගකීමයි. එ් නිසා, හරිදේට හරි කියන්නත්, වැරදි දේට වැරදි කියන්නත් මහජන නියෝජිතයන් ලෙසට අප කටයුතු කල යුතු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න