ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නොමැති බවත්, ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සිය සහය හිමිවන බවත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පලකරමිනි.
රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දිය යුතු බව සිය පෞද්ගලික මතය බව අවධාරණය කරන ඇමතිවරයා මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්ථාවක් ලබා දීම පොහොට්ටුව ඇතුළු රටට ආදරය කරන සියලු පාර්ශවයන්ගේ යුතුකමක් බවද අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම විටම රට ගැන සිතා තීන්දු තීරණ ගත් පක්ෂයක් බැවින් නිවැරදි මොහොතේ සිය පක්ෂය එම තීරණය ගනු ඇතැයි තමන්ට විශ්වාස බවද ඇමතිවරයා සදහන් කරයි.