• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්

14 February 2024
in දේශීය, පුවත්
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙසේ ද පැවසීය.

එසේම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා “විදෙස් විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඉන් විශ්වවිද්‍යාල දෙකක්ම ස්ථාපිත වෙමින් පවතිනවා. මෙම වසරේ මැයි මාසය වන විට තුන්වන විශ්වවිද්‍යාලය ද ලංකාවේ ස්ථාපිත කෙරෙනවා. ඉන්දියානු තාක්ෂණ ආයතනය (indian institutes of technology) මහනුවර දී විවෘත කිරීමට නියමිතයි. අනෙක් විශ්වවිද්‍යාල දෙක එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද අප සූදානමින් සිටිනවා. විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත් කරගැනීමට අප කටයුතු කළා. එහිදී ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. ඔහු සමඟ මෙල්බන්, සිඩ්නි යන විශ්වවිද්‍යාල ඇතුළු තවත් විශ්වවිද්‍යාල 10ක අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමැති කුලපතිවරුන් මෙරටට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන් විසින් අපගේ අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයෙන් පසු ගතයුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. එමෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියාමනය කළ යුතු වනවා. එහෙත් අධ්‍යාපනය විකිණීමේ කිසිදු සූදානමක් නැති බව ද සඳහන් කළ යුතුයි යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,173
Previous Post

ඉදිරි ජනාධිපතිවරණයේදී මගේ සහය රනිල්ටයි -ඇමැති ප්‍රසන්න

Next Post

රිලා මර්දනයට සියඹලාපිටියගෙන් වායු රයිෆල්

editor ttvnews

editor ttvnews

Next Post
රිලා මර්දනයට සියඹලාපිටියගෙන් වායු රයිෆල්

රිලා මර්දනයට සියඹලාපිටියගෙන් වායු රයිෆල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

17 October 2026
පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

පුත්තලම පෙරියපාඩු වෙරළේදී බීඩි හදන්න ගෙනා බීඩි කොළ කිලෝ 125ක් මාට්ටු!

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved