දරුවන් 14,000කට අධික පිරිසක් ඉදිරි පැය 48 තුළදී ළදරු ආහාර සහ පෝෂණීය ආහාර ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙත ළඟා නොවුණහොත් මිය යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් බිය පළ කර තිබෙනවා.
ඔහු පැවසුවේ, ආහාර හා අධාර රැගත් ලොරි ගාසා දේශ සීමා පසු කළ බව පැවසුව ද, ඒවා තවමත් අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟා වී නොමැති බව ය.
ඔහු ප්‍රකාශ කළේ, ආධාර රැගත් ලොරි 100ක් ගාසා වෙත ළඟා වීමට නියමිත බව ය.
ගාසාහි වෙසෙන දරුවන් සහ පලස්තීන වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.