පකිස්ථානය පරාජය කරමින් ආසියානු කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියාව, කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ප්‍රදානය කිරිමට නියමිතව තිබුණා.
මොහ්සින් නක්වි, පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.
ඔහුගේ අතින් කුසලානය ලැබීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.
කුසලානය ලබා දීමේ අවස්තාවේදී “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා,” යැයි නිවේදකයා එහිදී පවසා තිබෙනවා.
අවසන් තරගය නිමාවී පැයකට අධික කාලයකට පසු, ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ වි තිබෙනවා.
තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසීය.
කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරා තිබෙනවා.
ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.