8 September 2024
#පුවත්

ඉන්දීය දුම්රිය එන්ජින් 20න් පළමු කොටස මාස දෙකක් තුළ

දුම්රිය එන්ජින් අවශ්‍යතාව සැපරීම සඳහා ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් එහි පළමු කොටස මාස දෙකක් තුළ ලංකාවට ලැබෙනු ඇති බවත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී සංජය මුදලිගේ මහතා, පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

“අක්කර 12,000ක් පමණ වන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා ජනතාවට බදු ගැනීමේ අවස්ථාව අප ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විටත් අනවසරයෙන් හෝ අවසරය ඇතුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල පදිංචිකරුවන්ට එම ඉඩම් සඳහා බදු ඔප්පුවක් ලබා ගැනීම සඳහා ලියාපදිංච් වීමට ඉඩ ලාබෙනවා. ඒ වන විටත ලියාපදිංචි නොවූවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, එම ස්ථානවලින් ඉවත් කිරීමටත් කටයුතු කරනවා.

ඒ වගේම මහව- ඕමන්ත දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අගෝස්තු මාසයේ අවසන් කරන අතර පසුගිය 15 වෙනිදා සිට බෙලිඅත්ත සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය ආරම්භ කරනු ලැබුවා. ගොවියන්, ව්‍යාපාරිකයන් ඇතුලු කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කරන පාර්ශ්වයන්ට මෙහි සේවය ලබා ගත හැකියි. මීට අතරව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ස්ථාන බහුකාර්ය ව්‍යාපෘති ලෙස පුද්ගලික අංශය සමඟ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුලු දුම්රිය ස්ථාන 06ක් මේ වන විටත් ඒ අනුව සංවර්ධනය කරමින් පවතිනවා.”

coppied-

Leave a comment

Your email address will not be published. Required fields are marked *