ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (10දා) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Vela’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් හා නැව් මුළුව 53 ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් කපිල් කුමාර් (Kapil Kumar) කටයුතු කරනු ලබයි.
‘INS Vela’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම සබ්මැරීනයේ නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇති අතර, එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වීමට ද නියමිතව ඇත. එමෙන්ම, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, මෙම නිල සංචාරය නිමා කරමින් 2024 නොවැම්බර් මස 13 වන දින ‘INS Vela’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.