• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ සටන නොවැම්බර් 14දායින් පසුව පටන් ගන්නවා

11 November 2024
in දේශීය
අපේ සටන නොවැම්බර් 14දායින් පසුව පටන් ගන්නවා

නොවැම්බර් 14 වැනිදායින් පසුව සිය කණ්ඩායම සමග සටන ආරම්භ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින්  හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“තව දින කිහිපයකින් අප අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගන්නවා. නව ජනාධිපතිවරයෙක් පත්වී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට තම ප්‍රතිපත්තිය කුමක්දැයි රටට කියන්නට ජනාධිපතිට යුතුකමක් තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර අයි.එම්.එෆ් ගිවිසුම ප්‍රතික්ෂේප කරපු මාලිමාව දැන් අයි.එම්.එෆ් හමුවී ඒ අනුව ක්‍රියා කරන්නට සාකච්ඡා කරනවා. ඔවුන්ගේ සංශෝධන තිබෙනවාද කියා අප දන්නේ නැහැ. එමෙන්ම අයිඑම්එෆ් එකඟතාවත්, ආ ණ්ඩුවේ  ප්‍රතිපත්තියත්, රජයේ ඉදිරි දැක්ම සහ වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

මේ පිළිබඳව ප්‍රකාශ කරනවා වෙනුවට ජනාධිපතිවරයාගේ රාජකාරිය වී තිබෙන්නේ අනෙක් අයට දෝෂාරෝපණය කිරීම සහ මඩගැසීම පමණයි. එදා රාජපක්ෂලත් ක්‍රියා කළේ මෙහෙමයි.පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි මේ අය දැන් කියනවා. ඔවුන්ගේ මහ මැතිවරණයේ තේමාව පාර්ලිමේන්තුව සුද්ද කරමු යන්නයි. අයි.එම්.එෆ් ගිවිසුමට කරන්නේ කුමක්ද? ප්‍රධාන කාරණය එයයි. ඕනෑම පාර්ලිමේන්තුවක අඩුපාඩු දුර්වලකම් තිබෙනවා. නමුත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට 1931 සිට ක්‍රියා කළ එකම පාර්ලිමේන්තුව වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි. අපට ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙනවා. පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්නේ ජනාධිපති විතරයි.

නොවැම්බර් 14 වැනිදාට පසු මා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබුණා. ඔබතුමා වගේ මම ගිහින් ඔතන බෝඩ් අල්ලලා නෑ. එහෙම බෝඩ් අල්ලන්න බලාපොරොත්තුවකුත් නෑ. ඇත්ත වශයෙන්ම අපේ ව්‍යාපාරය පටන් ගන්නේ නොවැම්බර් 14 වැනිදා. සිලින්ඩරයෙන් පත්වන මන්ත්‍රීවරුන් ගිහින් එහි ක්‍රියාත්මක වෙනවා.

මේ මුදල් දෙන්නේ විසර්ජන පනතින්.විසර්ජන පනත සම්මත කරගන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ.අප සටන ආරම්භ කරන්නේ එතැනයි.මේ නිසා සටනට නොයා මේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබාදීමට එකඟවන ලෙස අප ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරණයේ දී කිසිම පක්ෂයකට බහුතරයක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ කොහොම වැඩකටයුතු සිදු වේද කියා අප දන්නේ නැහැ. එය තිබෙන්නේ ඡන්ද දායකයාගේ අතේ. මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මේ රටේ දූෂණ විරෝධී වැඩසටහන ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා,එමෙන්ම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවීම ලබාදීම සඳහා,සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.අපේ උත්සාහය පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම නිර්මාණය කරගන්නයි.අපේ සංඛ්‍යාව කුමක් වුවත් අපි මේ සටන ගෙන යනවා.”

Post Views: 29
Previous Post

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

Next Post

අවසන් රැලියේදී ආධාරකරුවන් දෙපිරිසක් ගැටී දෙදෙනෙක් රෝහලේ

Editor TTV News

Editor TTV News

Next Post
අවසන් රැලියේදී ආධාරකරුවන් දෙපිරිසක් ගැටී දෙදෙනෙක් රෝහලේ

අවසන් රැලියේදී ආධාරකරුවන් දෙපිරිසක් ගැටී දෙදෙනෙක් රෝහලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved