8 September 2024
#පුවත්

ඉරානයේ තෙල් ණය පියවන්නේ තේ දෙයි

ඉරානයෙන් ණයට ලබා ගත් ඛණිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 250.9ක මුදල පියවීම වෙනුවෙන් මේ වන විට ඇමේරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා තේ ඉරානය වෙත අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවැසීය.

ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසිය.

“ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු ඛනිජ තෙල් ණය තේ අපනයනය හරහා පියවීම පසුගිය අගෝස්තු 05 වෙනිදා ආරම්භ කළා.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් ඉරානය වෙත ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක මුදල තේ අපනයනය තුළින් පියවීමට අපේක්ෂිතයි. මේ වන විට එම ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා නිම කර තිබෙනවා.

2024 වසරේ පළමු මාස 04 තුළ නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 4.1ක ප්‍රමාණයක් ඉරානය වෙත අපනයනය කරන ලද අතර එය පසුගිය 2023 වසරේ පළමු මාස 04 තුළ ඉරානය වෙත අපනයනය කරන ලද නිමි තේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක වැඩිවීමක් බව කිව යුතුයි.”

 

coppied

Leave a comment

Your email address will not be published. Required fields are marked *