ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් සතුටු නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සාකච්ඡා අද (28) දිනයේදීත් පැවැත්වෙනු ඇතැයි ඔහු සඳහන් කළේය. ඉරානය සමඟ ගිවිසුමකට පැමිණීමට තමන් කැමති බවත්, නමුත් ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත් ඔහු නැවත අවධාරණය කළේය.














