ඉෂාරා සෙව්වන්දිගේ ශක්තිය, දැනුම සහ හැකියාව මේ රට ගොඩනැගීම වෙනුවෙන් යොදාගනු ලැබුවා නම් මොනතරම් රටක් අපිට ගොඩනැගීමට හැකිවනු ඇති බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.
නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා,
අපරාධයෙන් පසුව ඇය කාන්තාවක් විදිහට ගමන් කරපු ගමන් මාර්ගය ගත් විට ඇය මොනතරම් බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක් ද කියලා පැහැදිලි වනවා.
ඇයගේ ශක්තිය දැනුම ඇයගේ හැකියාව මේ රට ගොඩ නැගිම වෙනුවෙන් දායක කරගත්තා නම් මොන තරම් රටක් හැදෙන්න පුලුවන් ද?
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.