ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා විශේෂ උපදේශන සභාවක් පත් කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සභාව පත් කරන ලද අතර, මෙය සේවා අංශයක් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශන සභාවක් පත් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.
කර්මාන්තයේ වත්මන් තත්ත්වය සහ ඉලක්ක:
- ආර්ථික වටිනාකම: 2025 වසර වන විට රුපියල් බිලියන 60 ක වටිනාකමක් සහිත කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇත.
- රැකියා අවස්ථා: ඍජු රැකියා 30,000 ක් සහ වක්‍ර රැකියා 80,000 ක් සපයමින් පවුල් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක ජීවනෝපාය සලසයි.
මෙම නව පියවර හරහා ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ශිල්පීන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ගෙනයාමටත්, ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අපේක්ෂිතය.














