පෙබරවාරි 06 – පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පිහිටි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ මියගොස් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
ආරක්ෂක අංශ සඳහන් කරන පරිදි, ප්‍රහාරකයා පල්ලියේ ප්‍රධාන දොරටුව අසලදී පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී තමා සතු බෝම්බය පුපුරුවාගෙන තිබේ. ප්‍රහාරයෙන් පසු පල්ලිය තුළ දැඩි අලාභහානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන් පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනය (PIMS) වෙත ඇතුළත් කර ඇත. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් සිය කනගාටුව ප්‍රකාශ කර ඇති අතර, මෙතෙක් කිසිදු කණ්ඩායමක් මෙහි වගකීම භාරගෙන නොමැත.














