• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

21 November 2024
in දේශීය
ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන්ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබිම හේතුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් සාධනිය පියවර මත එම ගුවන් ටිකට්පතක මිල ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වි තිබේ.

ඒ සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස අදහස් දැක්විය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ,

“ඊශ්‍රායල් හා කොරියානු රටවල රැකියා සඳහා යොමුවන පුද්ගලයින්ගේ ගුවන් ටිකට්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා මිළදී ගෙන රැකියා අපේක්ෂිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක් මෙතෙක් කලක් පැවතුනේ. එහි මිළ අධික බවට ‘සභාපතිට කියන්න’ වැඩසටහනටත්, මට පෞද්ගලිකවත් පැමිණිලි රැසක් ලැබුණා. පසුගිය කාලය පුරාම ගුවන් ටිකට්පත් මිළදී ගැනීම ටෙන්ඩර් ක්‍රමවේදයට සිදුකරලා තිබුණේ.

නමුත් එහි යම් අඩුපාඩු තිබෙන බව මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. යම් තෝරාගත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔවුනට පක්ෂපාතී අයුරින් මේ මිළදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකරලා තිබුණා. මාස් පතා ඒ තෝරාගත් අයගෙන් ගුවන් ටිකට්පත් මිළදී ගනිමින් මූල්‍ය අලාභයක් ටිකට්පත් මිළදී ගන්නාට සිදුකරලා තිබුණා. මේ සම්බන්ධව මම විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අලුතෙන් පත්වු සභාපතිවරයා සමග සාකච්ඡා කළාට පසු නවීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිළදී අරගෙන විශාල වශයෙන් ගුවන් ටිකට්පතක මිළ අඩු කරගන්න හැකිවුණා. මේ අඩු කරගත්ත මුදල කෙලින්ම විගමණික ශ්‍රමිකයා අතට ලැබෙන්න සලස්වනවා.

සාමාන්‍යයෙන් මාසයකට ආසන්න කාලයකදී ගුවන් ටිකට්පත් 500ක් පමණ මිළදී ගෙන තියෙනවා. එක ටිකට් එකකින් රු.75000-90000 ක් වැඩියෙන් දිර්ඝ කාලයක සිට අයකරගෙන තිබෙන අතර ඒ අනුව මාසයකදි ගුවන් ටිකට් 500ක් මිළදී ගත් විට එය විශාල මුදලක් වෙනවා. රට නව නායකත්වයක් යටතේ නව දිශානතියකට යොමුවන මේ අවස්ථාවේ විගමණික ශ්‍රමිකයාට ලබාදෙන සහන වැඩි කරන්න අපි කටයුතු කරනවා.

නොවැම්බර් මාසය දක්වා පැරණි ක්‍රමවේදය ඔස්සේ ටිකට්පත් වෙන්කර ගෙන තිබෙනවා. ඒ නිසා දෙසැම්බර් මාසයේ සිට මේ නව මිළදී ගැනීමේ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරනවා. වඩා හොඳ ජනතාවාදී සේවාවන් සපයන ආයතන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය පත්කිරීම අපේ අරමුණයි. විශාල සේවයක් මේ ආයතන මගින් ජනතාවට ලබාදෙන්න පුළුවන්. ඒ සේවාවන් හැකි උපරිම අයුරින් ඵලදායී අයුරින් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ” යනුවෙන් ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා,

“ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුකරන එකම රාජ්‍ය ආයතනය ලෙස විදේශ රැකියා ඒජන්සි ආයතනයට ප්‍රධාන කාර්යයන් දෙකක් පැවරිලා තියෙනවා. පළමු එක ශ්‍රි ලාංකිකයින්ට විදේශ රැකියා සඳහා යොමුකිරීම. දෙවැන්න ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගුවන් ටිකට්පත් මිළදී ගැනීම. අපි දැනටමත් පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීමට අදාළ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. මිනිස්සු අවිධිමත් රැකියාවලට යවනවට වඩා වෘත්තිකයින් බිහිකරලා විශාල ශ්‍රම වෙළඳපොලක් ආරම්භ කිරීම අපේ අරමුණයි. අපි දැනටමත් මේ සම්බන්ධයෙන් අනෙකුත් රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කරලා වැඩකටයුතු ආරම්භ කළා.

ගුවන් ටිකට්පත් මිළදී ගැනීම සම්බන්ධයෙන් අපි රාජකාරි ආරම්භ කරන අවස්ථාවේදීම පැමිණිලි ආවා වෙළදපොලේ මිළට වඩා ඒජන්සි ආයතනය මිළදී ගන්නා ගුවන් ටිකට්පත් මිලෙන් වැඩියි කියලා. අපි ඒකටත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා ඊ-ටෙන්ඩර් ක්‍රමවේදය. ඒ මගින් සාම්ප්‍රදායික ටෙන්ඩර් පෙට්ටිය වෙනුවට ඊමේල් මගින් ටෙන්ඩර් ඉදිරිපත් කරන්න ක්‍රමයක් හඳුන්වා දීලා තරගකාරීත්වය වැඩිකළා.

අපිට දැනටම හැකියාව ලැබිලා තියෙනවා ඊශ්‍රායලට රැකියාවට යොමුවන ශ්‍රමිකයින්ගේ ටිකට්පත රුපියල් ලක්ෂයක්- හැත්තෑ පන් දහසක් දක්වා අඩුකරන්න. ඊට අමතරව දෙසැම්බර් මාසයේ සිට දකුණු කොරියානු රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතද දැනට පවතින මුදලට වඩා අවම මුදලකට මිළදී ගෙන දෙන්න පුළුවන් වෙනවා. පසුගිය ඔක්තොම්බර් 10 සිට නොවැම්බර් මස 02 වන සතිය දක්වා රු.295,000 ක පමණ මුදලකට මිළදී ගත් ගුවන් ටිකට්පත් රු.160,000-170,000 ක් වගේ මුදලකට තරගකාරී වෙළඳපොල මගින් මිළදී ගන්න පුළුවන්. මේ සම්පූර්ණ වාසිය විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Post Views: 16
Previous Post

පුරවැසියන් තුළත් යපහත් පරිවර්තයක් ඇතිවිය යුතුයි

Next Post

ජාතිවාදී හා ආගමික අන්තවාදී සටන් පාඨ වලට ආයේ ඉඩ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
ජාතිවාදී හා ආගමික අන්තවාදී සටන් පාඨ වලට ආයේ ඉඩ නෑ

ජාතිවාදී හා ආගමික අන්තවාදී සටන් පාඨ වලට ආයේ ඉඩ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025

Recent News

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved