මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසා සිටිනවා.
මේ නිසා එම ප්‍රදේශයේ ජීවත්ව සිටින ජනතාව වෙත කාරුණිකව ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ගමන්බිමන්වලින් වැලකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටින්නේ උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවයි එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටින්නේ.
රතු නිවේදනය අදාළ ප්‍රදේශ
මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව,
උඩදුම්බර, මැදදුම්බර
මිනිපේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ,
හඟුරන්කෙත,
නිල්දණ්ඩාහින්න
මතුරට
කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට නැවත නැවතත් දැනුම් දී සිටින්නේ මෙම ස්ථානයන් මඟහැර තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ජීවිත රැකගන්නා ලෙසටයි














