වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.
ඊයේ (17) පැවැති මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කොට පළාතේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා කජු සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.
එලෙසම එම කජු වතු ආශ්‍රිත රැකියා අවස්ථා පළාතේ රැකියා වියුක්තිය අඩු කිරීමට යොදා ගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ඉඩම් කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වූහ.
 
			 
                                 
                                 
							












