27 April 2024
#දේශීය

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා පවසයි.  විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබයි.

විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නැමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

ඔබට මේ පිළබදව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතා විස්තර ලබාගත හැකිය.

 

ඡායාරූප – අන්තර්ජාලය ඇසුරෙන් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *