8 September 2024
#දේශීය

එකට ගෙව්ව ජිවිතය ගෙල වැලලාගෙන අවසන් වෙයි

ඌරගස්මංහන්දිය, කොරකින ප්‍රදේශයේ සැකකටයුතු ලෙස කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අද (21) උදැසන පොලිසියට වෙත ලැබුණු පණිවිඩයකට අදාළ විමර්ශන සිදු කරන අවස්ථාවේදී මිය ගිය කාන්තාව සැක කටයුතු ලෙස ඇය පදිංචි වි සිටි නිවසේම මිය ගොස් ඇත.

එසේම පිරිමි පුද්ගලයා ඒ අසළ වහලයට ගැට ගැසු ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පිරිමි පුද්ගලයා වයස අවුරුදු 39 ක් වු කොරකින, ඌරගස්මංහන්දිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 38 ක් වු එම නිවසේම පදිංචිකාරියකි. මොවුන් දෙදෙනාම වෙන වෙනම විවාහ වී පසුව වෙන්වී වසර එකහමාරක් පමණ සිට එකට ජිවත්ව සිටි බවට පොලිසිය කල විමර්ශනයේදී අනාවරණ වීය.

මෘත ශරිර සම්බන්ධයෙන් මුලික මහේස්ත්‍රාත් පරික්ෂණ සිදු කර ඇල්පිටිය රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇත. මෘත ශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂන හෙට (22) දින සිදු කිරිමට නියමිතයි. ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *