27 April 2024
#දේශීය

උකුවෙල පරගෙඩි ඔය හරහා වැටි ඇති පාලම කඩා වැටීම නිසා ජනතාව පිඩාවට පත්වෙයි

උකුවෙල පරගෙඩි ඔය හරහා වැටි ඇති පාලම අධික වැසි හේතුවෙන් කඩා වැටිම නිසා ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව අපහසුතාවයට පත්ව සිටියි.

මෙම මාර්ගය භාවිතා කරන ගම්මාන රැසක ජනතාව මාතලේ සහ උකුවෙල නගර වලට පැමිණිම සදහා ඇති එකම කෙටි මාර්ගය හරහා මෙම පාලම වැටි ඇති අතර මේ නිසා ඔවුන්ට විශාල දුරක් ගෙවා වෙනත් මාර්ගවලින් ප්‍රවේශවිමට සිදුව තිබේ.

ප්‍රදේශයේ ගොවින් වගා කරන එළවලු ඇතුලු බෝගද නගරයේ වෙළදැසල් සදහා රැගෙන එනු ලබන්නේද මෙම මාර්ගයෙන් වන අතර මේ නිසා ගොවිහුද අපහසුතාවයට පත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ප්‍රියංවදා රණවිර මහත්මිය කියා සිටියේ මේ පාලම අබල් වෙලා දැන් වසර ගණනාවක් වෙනවා.කෙසේ හෝ දැන් පාලම කඩා වැටුණා.අපි රජයෙ ඉහළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ පාලම් ව්‍යාපෘතිය යටතේ හො පාලම සංවර්ධනය කිරිම සදහා වහා පියවර ගන්නා ලෙසය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *