• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

එන්න ඇමැතිකමක් ගන්න ..! සුමන්තිරන්ට ඇමති පාඨලි කියයි

22 February 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, යාපනය ආණ්ඩුකාර සුරේන් රඝවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී අදහස් දැක් වු අමාත්‍ය පාඨලි චම්පික මහතා ” ඒ වගේම අපේ රජයෙන් ඉල්ලා සිටියා, විධිමත් නාගරික මධ්‍යස්ථානයක් නගර සභාවට ඉදිකර දෙන්න කියලා මා හිතනවා අපේ මුදල් ඇමතිතුමා මෙවර අයවැය කියවීමේදී ඒ ගැන නිල ප‍්‍රකාශය කරයි කියලා. ඒ අනුව එහි වැඩකටයුතු මේ වසරේදී අපට ආරම්භ කිරීමට හැකිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. මම විදුලිබල බලශක්ති ඇමතිවෙලා ඉන්න කාලේ යාපනයේ ඉතා දුර්වල විදුලි සැපයුමක් තිබුනේ, විදුලිය පැය 8 ක් පමණ තමයි තිබුණේ. ඒ වගේම අපේ බලාගාර හොඳ මට්ටමින් තිබුණේ නැහැ. මම වසර 15 කට පස්සේ ලංකා විදුලි බලමණ්ඩලය ලාභදායි ආයතනයක් කළා 2010 වසරේදි. එම ලාභ මුදල් වලින් කරපු එක ආයෝජනයක් තමයි උතුරු ජනනී නමින් යාපනයට වෙනම විදුලි බලාගාරයක් චුන්නාගම් ප‍්‍රදේශයේ ඉදිකිරීම. එමගින් පුද්ගලික බලාගාර ගසා කෑ සෑහෙන මුදලක් ඉතිරි කරගන්න පුළුවන් උනා.

ඒ වගේම අපි වව්නියාව ප‍්‍රදේශයේ සිට චුන්නාගම් දක්වා විදුලි පද්ධතිය ඉදිකිරීම කළා. 100% ක් යාපනයට විදුලිය ලබාදුන්නා. මේ වන විට මම හිතන්නේ යාපනයට විදුලි පිළිබඳ ගැටළුවක් නැහැ. ඒ වගේම පුදුමාතලන්, මන්නාම, මුලතිව් ඇතුළු මුළු උතුරු පළාතටම ලබාදුන්නා. විදුලි අත්‍යාවශ්‍ය සේම ජලය ද අත්‍යාවශ්‍යයි, ඒක නිසා මේ විරොධතා වෙනුවට අපි සමගියෙන් යාපනයේ ජල ගැටළුව විසඳීමට කැපවිය යුතුයි. නැතිනම් මේ නගරය පවත්වාගෙන යා නොහැකියි. ජල සම්පාදන මණ්ඩලයට ජනතාවගේ සහය ලබාදුන්නොත් මේ නගරය අපට ශක්තිමත්ව ගොඩනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම යාපනයේ සංස්කෘතික අනන්‍යතාවය, ඒ වගේම ජනතාවගේ ආත්ම අභිමානය නැංවෙන ආකාරයට අපගේ නාගරික සංවර්ධන කටයුතු සිදුකරන බව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා.

ඒ වගේම මේ නගරයට ඉතාම අත්‍යාවශ්‍ය දෙයක් තමයි කසළ කළමනාකරණය. මම දන්නේ නැහැ මොන වගේ මට්ටමකද තියෙන්නේ කියා නමුත් විද්‍යාත්මක කසළ රඳවනයක් අද අත්‍යාවශ්‍යයි, මේ නාගරික සංවර්ධනය ඉදිරියට ගෙනයන්න. නමුත් හුඟ දෙනෙක් විරෝධතා පැවැත්වුවාට කසළ රඳවන අපි ගොඩනගා ගන්නේ නැතිව අපට නගර ගොඩනගාගන්න බැහැ. අනෙකුත් නාගරික දේවල් පෞද්ගලික අංශත් ගොඩනගයි. නමුත් මේ මූලික කාරණා රජය විසින් ඉෂ්ට කළ යුතුයි. අපි දන්නවා මේ යාපනයේ ප‍්‍රධාන දේශපාලන දහරාවේ අවසානයට ඇමති කෙනෙක් හිටියේ තිරුචෙල්වම් ඇමතිතුමා 1968. වසර 50 ක් මේ වන විට ගෙවී තිබෙනවා. විවිධ ඇමතිවරු හිටියත් ප‍්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා අපේ රටේ තිබෙන්නේ අනුග‍්‍රාහක දේශපාලනය. ඇමතිලා තමන්ගේ ප‍්‍රදේශයට කරගන්න වැඩපිළිවෙල නිසාත්, විද්‍යාත්මක ආකාරයට කරුණු සිදු නොවන නිසාත්, යාපනය සංවර්ධනයේ පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා විද්‍යාත්මක සංවර්ධනයක් සිදු විය යුතුයි. එහෙම නැතිනම් සුමන්තිරම් මහත්මයලා ආණ්ඩුවට එකතුවෙලා ඇමති ධූර දරලා තමන්ගේ ප‍්‍රදේශවලට එම සංවර්ධනය ගෙන ආ යුතුයි. මා ආරාධනා කරනවා එතුමන්ලාට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදු කළා වගේම රජයේ මේ සංවර්ධන කොටසත් කරන්න දායක වන්න කියා, මේ දරුවන්ට කර්මාන්ත, රැකියා, අධ්‍යාපනය එක්තරා කාලයකදී විශාල අධ්‍යාපන මධ්‍යස්ථානයක්. එම තත්වය නැවත ගෙඩනගන්න අපි සියළු දෙනාම කැපවී වැඩකරන බවත් අපේ වගකීම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කරන බව සඳහන් කළ යුතුයි.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 2
Previous Post

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ

Next Post

ඇමැති සජිත්ගෙන් ක්‍රිඩා දක්ෂයින්ට නව නිවාස

editor

editor

Next Post

ඇමැති සජිත්ගෙන් ක්‍රිඩා දක්ෂයින්ට නව නිවාස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved