• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවලින් පැහැරගත් දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසකින් සොයා ගැනේ…

25 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දරුවා පැහැර ගෙන ගිය 44 හැවිරිදි විදුලි කාර්මිකයාත්, ඔවුන්ට නවාතැන් දුන් නිවසේ හිමිකුර වන නගරසභා රියදුරෙකුත් පොලිස් අත්අඩංගුවේ…. දරුවා රැගෙන ගිය ත්‍රී රෝද රථයත් පොලීස් භාරයේ..

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමකට හැකි වී ඇත.

මෙලෙස පැහැර ගැනීමට ලක් වූයේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවෙකි.ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ දරුවා සමීපව ඇසුරු කළ ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට සැකකරන බවටත් දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසීය පරීක්ෂණ සිදු කර ඇති අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරුද පොලීසිය පළමුව අනාවරණය කර ගෙන ඇත.ඒ අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ දරුවා පැහැරගත් දිනම රාත්‍රියේ (19) නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැදී සිට පසුදින (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත්ව උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට අනාවරණය කර ගෙන තිබිණි.ඒ අනුව පොලිස් කණ්ඩායම් කීපයක් දරුවා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත නොහැකි වූ අතර, ඊයේ (23) පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලබා ගෙන දරුවා හා දරුවා පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් ඉන්නා බවයි.තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවා රැගෙන ගිය බවද සැකකාර විදුලි කාර්මික ශිල්පියා දරුවාගේ මවට පවසා ඇත.

කෙසේ වෙතත් ඔවුන් තලාව ප්‍රදේශයේ රැදී සිටින බව පැවසූවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරික්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිතා වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැදී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රීරෝද රථයද එම නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මෙම දරුවාට හා දරුවා පැහැර ගෙන ගොස් සඟවා තබා ගැනීමට උදව් උපකාර කළ නිවසේ හිමිකරුද මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

දරුවා රඳවා ගෙන සිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා , මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි බවත්, ඒ හිතවත්කම මත මීට පෙරද නිවසට පැමිණි බවත්, පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැදී සිට, පසු දින (21) ඔවුන් තමන්ගේ නිවසට පැමිණ එම දරුවා තමන්ගේ දරුවා බව පවසා නිවසේ තබා ගෙන සිටි බවද පොලීසියට ප්‍රකාශ කර ඇත.තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දින වල සිදු කළ බවත් ඔහු පොලීසියට පවසා ඇත.

ඒ අනුව එම නිවසේ සිටියදී පැහැර ගැනීමට ලක් වූ දරුවා, පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා හා නිවසේ නවතැන් දුන් තිදරු පියෙකු වන නගර සභා රියදුරුද ‍පොලිස් අත්අඩංගුවට ගෙන එප්පාවල පොලිස් ස්ථානය වෙත අද (24) උදෑසන රැගෙන එනු ලැබීය.

අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර, එප්පාවල පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශයේදී දරුවාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු කළ අතර, අත්අඩංගුවට ගත් දරුවා පැහැරගත් විදුලි කාර්මිකයා හා නවාතැන් දුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, ඔවුන් අද (24) පස්වරුවේ සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.ඩබ්.පී.ආර් ජයම්පති, පොලිස් සැරයන් 3694 අයි.ජී ඉරුගල්, පොලිස් කොස්තාපල්වරුන් වන 67338 ජයසිංහ, 68606 එරංග යන නිළධාරීන් පරීක්ෂණ සිදු කර දරුවා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !

editor

editor

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved