අපහාස නඩුවක් සමථයකට පත් කිරීම සඳහා නව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ට ඩොලර් මිලියන 15 ක් ගෙවීමට ඇමරිකානු ඒ.බී.සී. රූපවාහිනිය එකඟ වී තිබේ.
මෙම රූපවාහිනී සේවයේ නිවේදිකාවක ට්රම්ප් ජනපති ස්ත්රී දූෂණයකට වගකිව යුතු යැයි පැවසීම මත මේ නඩුව ගොනුකර තිබිණි.
ඒ.බී.සී. රූපවාහිනිය නව ජනාධිපතිවරයාට කනගාටුව පළ කරමින් පුවතක් පළ කර ඇති අතර මේ නඩුව සමථය සඳහා ඩොලර් මිලියන 15ක් ලබාදෙනු ඇත.