• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔන්ලයින් පනත ප්‍රශ්ණයක් වෙන්නේ සමාජ මාධ්‍ය වැරදි විදිහට හසුරුවන අයටයි – ඇමැති ටිරාන්

12 February 2024
in දේශීය, පුවත්
අප ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ – ඇමැති ටිරාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් හසුරුවන පිරිසට පමණක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යුක්තිය මෙහෙයුම පිළිබඳ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පානදුර පොලිස් ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” කිසිවෙකුගේත් බලපෑමකට යටත් නොවී ස්වාධීනව යුක්තිය මෙහෙයුම ආරම්භ කර, ක්‍රියාත්මක කරන ලෙස මා පොලිසියට උපදෙස් ලබා දුන්නා. මීට පෙර සිදු ආකාරයට අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් විවිධ පුද්ගලයින්ගේ බලපෑම්වලට යටත් වී නිදහස් කිරීමේ සම්ප්‍රදාය අප වෙනස් කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සෘජුව කටයුතු කරනවා. ඒ අනුව දිවයින පුරා සාර්ථකව මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර ඒ සඳහා විශාල බලපෑම්ද එල්ලවනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටත් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම මෙහෙයුම නතර කරන ලෙස විවිධ බලපෑම් එල්ල වනවා. රටේ සුළුතරයක්ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ සුළුතර පිරිස හෝ ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට මා මේ අමාත්‍ය ධූරය දරන තුරු අවස්ථාව හිමි වන්නේ නැහැ. යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්. අප ආරම්භයේදී ඉලක්ක කල පරිදිම මේ වන විටත් රට තුළ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. අගනුවර සහ ඉන් පිටත කිසිදු භේදයකින් තොරව ජනතාවගේ විශාල ආශිර්වාදයක් මේ වෙනුවෙන් අපට ලැබෙනවා.එය අපට විශාල ශක්තියක්. පක්ෂ පාට ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මේ මෙහෙයුමටද දේශපාලනය ගාවා ගැනීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරනවා. අපට අවශ්‍ය සෑම දෙනාගේම සහයෝගයෙන් මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමටයි. සමාජ මාධ්‍ය භාවිතා කරමින් එකිනෙකාට අපහාස කිරීමට කටයුතු කරන පුද්ගලයකු ලක්ෂ හතරකට අධික මුදලක් ද සමග පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ ඩොලර් වලින් මේ මුදල් ලබා දුන්නේ දේශපාලනඥයෙකු බවයි. එවැනි පුද්ගලයින්ට පිළිතුරු ලබා දිය යුත්තේ පොලිසිය හෝ අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවෙක් නොවේ, ජනතාවයි. මෙවැනි වැඩපිළිවෙලක් අඩපණ කිරීමටද ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති ශක්තිමත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අප ඉදිරිපත් කළා. සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් භාවිතා කරන බොහෝ දෙනකු ඒ පිළිබඳ කලබලයට පත්වී තිබෙනවා. ජාත්‍යන්තරයේ ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට මෙහෙයවන්නේ සමාජ මාධ්‍ය හරහායි. රජයක් පෙරළීම සඳහා වුවත් සමාජමාධ්‍ය භාවිතා කළ හැකියි. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වී,පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී, රට කඩා වැටීමයි. එම අරමුණින් කටයුතු කරන පිරිස් මේ පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කරනවා. මේ පනත ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් හසුරුවන පිරිසට පමණයි.“යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9,663
Previous Post

කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මුල්‍යාධාර

Next Post

“කදුරට දශයක”වැඩසටහනෙන් රත්තොට සහ උකුවෙල සංවර්ධනයට මුදල් වෙන් කෙරේ -රාජ්‍ය ඇමැති රෝහණ

editor ttvnews

editor ttvnews

Next Post
“කදුරට දශයක”වැඩසටහනෙන් රත්තොට සහ උකුවෙල සංවර්ධනයට මුදල් වෙන් කෙරේ -රාජ්‍ය ඇමැති රෝහණ

“කදුරට දශයක”වැඩසටහනෙන් රත්තොට සහ උකුවෙල සංවර්ධනයට මුදල් වෙන් කෙරේ -රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved