27 April 2024
#දේශීය #පුවත්

“කදුරට දශයක”වැඩසටහනෙන් රත්තොට සහ උකුවෙල සංවර්ධනයට මුදල් වෙන් කෙරේ -රාජ්‍ය ඇමැති රෝහණ

රජයේ අය වැය යෝජනා අනුව “කදුරට දශයක”විශේෂ සංවර්ධන වැඩසටහනට අදාළ ග්‍රාමිය සංවර්ධන කටයුතු සදහා රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මුදල් වෙන්ව ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ආසනයේ ප්‍රදේශ කිහිපයක මෙම සංවර්ධන වැඩසටහන පිළිබදව දැනුවත් කිරිමේ අවස්ථාවන් සදහා එක් වෙමිනි.

මේ යටතේ එක් ග්‍රාම නිලධාරි වසමකට මුදල් වෙන්වන බවත් ඒ අනුව ග්‍රාමිය නායකයින් ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ඇතුලු පිරිස්වල යෝජනා අනුව සංවර්ධන කටයුතු සිදු කරන බවත් වසර කිහිපයට පසු මුදල් ප්‍රතිපාදන වෙන්වන බැවින් ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව යෝජනා ඉදිරිපත් කළ යුතු බවද දිසානායක මහතා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *