ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පිහිටි ප්‍රසිද්ධ උද්‍යානයක් ඉන්දියානු සංක්‍රමණිකයන් විසින් “අත්පත් කරගෙන” ඇති බවට එරට පුද්ගලයෙකු වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාව තුළ සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි කතාබහක් මතු වී තිබේ. ක්ලෙම්සිග් (Klemzig) විනෝද උද්‍යානය වෙත පැමිණි අවස්ථාවේදී එහි සිටි සිය ගණනක් වූ පිරිස අතර එකදු සුදු ජාතික ඕස්ට්‍රේලියානුවෙකු හෝ දැකගත නොහැකි වූ බවත්, සියල්ලන්ම ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයන් වූ බවත් ඔහු පවසා ඇත. මෙය බහු සංස්කෘතිකවාදයක් නොව උණ්ඩ රහිත යුද්ධයකින් රටක් අත්පත් කර ගැනීමක් බඳු ක්‍රියාවක් බව පවසන ඔහු, සිය දරුවන්ගේ අනාගතය පිළිබඳව තමන් බියට පත්ව සිටින බව ද සඳහන් කර තිබේ.
මෙම සිදුවීම ඕස්ට්‍රේලියාවේ වත්මන් සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන කරළියේ ද විවාදයට ලක්වීමට හේතු වී ඇත. ‘වන් නේෂන්’ (One Nation) පක්ෂයේ නිලධාරිනියක වන බියන්කා කොලෙචියා ද මෙවැනිම අදහස් දක්වමින් පවසා ඇත්තේ සංක්‍රමණිකයන්ගේ සීඝ්‍ර ව්‍යාප්තිය රටේ සංස්කෘතික අනන්‍යතාවය කෙරෙහි බලපාන ගැටලුවක් බවයි. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 මැයි මාසයේ සිට මේ දක්වා සංක්‍රමණිකයන් මිලියන 2ක් පමණ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, එය එරට ඉතිහාසයේ වාර්තාගත සංක්‍රමණික සංඛ්‍යාවකි.














