මොරටුව, කටුබැද්ද විශ්වවිද්‍යාලයේ සිසුන් ඉලක්ක කරගනිමින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැකකරු හිටපු යුද හමුදා සෙබළෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගැනීමට පොලිසිය සමත් විය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අසිත ප්‍රනාන්දු’ නමැත්තාගේ ප්‍රබල ගෝලයෙකු බවයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුමුල්ල පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔහු ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














