• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුවන JVP රැස්වීමට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමට ජුලම්පිටියේ අමරේට දුන් මරණ දඬුවම ස්ථිරයි!

21 November 2024
in දේශීය
කටුවන JVP රැස්වීමට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමට ජුලම්පිටියේ අමරේට දුන් මරණ දඬුවම ස්ථිරයි!
0
SHARES
24
VIEWS
Share on FacebookShare on Twitter

කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවලට වරදකරු කර තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ඊයේ (නොවැ. 20) තහවුරු කරමින් තීන්දුවක් නිකුත් කළේ ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනාවලට විත්තිකරු වරදකරු බවට නිගමනය කළ එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ආර්.එස්.එස්. සපුවිද මහතා 2019.11.07 වන දා ලබා දුන් තීන්දුව මගින් ජුලම්පිටියේ අමරේ නමැත්තාට මරණීය දණ්ඩනය නියම කොට තිබිණි.

තංගල්ල මහාධිකරණය නිකුත් කර තිබූ එම තීන්දුව බල රහිත කර තමන් සියලු ම චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ අභියාචනාව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන මහත්වරුන් එකී අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කරමින් එකී තීන්දුව නිකුත් කළේ ය.

උගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් එකේ සිට පහ දක්වා වූ චෝදනාවලට විත්තිකාර අභියාචක වරදකරු බවට නිගමනය කර ඇත්තේ, ඉදිරිපත් වූ සාක්‍ෂි සමස්තයක් ලෙස නීතිමය මූලධර්ම මගින් තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසුව බව අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතා විනිසුරු පී. කුමාරරත්නම් මහතාගේ එකඟතාව ඇතිව නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

2012.06.15 වන දා කටුවන, හැඩිවත්ත ප්‍රදේශයේ පිහිටි ලියනගේ රංජිත් නමැත්තාගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සභාව අමතද්දී යතුරුපැදි 4-5කින් තවත් පිරිසක් සමග එම ස්ථානයට කඩා වැදී “මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්” යැයි පවසමින් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.

එම වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී සහ 18 හැවිරිදි ජේ.පී. නිමන්ත ගේ‍ර්ෂන් මිය ගොස් තිබූ අතර 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නමැත්තා බරපතළ තුවාල ලබා තිබිණි.

කෙසේ නමුත්, තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුව වරදකරු කර තිබූ හය, හත, අට සහ නවය යන චෝදනා හතරට නියම කර තිබූ දඬුවම් අත්හිටුවීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.

Post Views: 178
Previous Post

අභිනව පාර්ලිමේන්තුවේ කතානායක ධූරය අශෝක රන්වලට

Next Post

සතුන්ගෙන් සිදුවන වගා හානිය පාලනයට රජය ගත් තීරණය

Editor TTV News

Editor TTV News

Next Post
සතුන්ගෙන් සිදුවන වගා හානිය පාලනයට රජය ගත් තීරණය

සතුන්ගෙන් සිදුවන වගා හානිය පාලනයට රජය ගත් තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved