• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුවන JVP රැස්වීමට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමට ජුලම්පිටියේ අමරේට දුන් මරණ දඬුවම ස්ථිරයි!

21 November 2024
in දේශීය
කටුවන JVP රැස්වීමට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමට ජුලම්පිටියේ අමරේට දුන් මරණ දඬුවම ස්ථිරයි!
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවලට වරදකරු කර තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ඊයේ (නොවැ. 20) තහවුරු කරමින් තීන්දුවක් නිකුත් කළේ ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනාවලට විත්තිකරු වරදකරු බවට නිගමනය කළ එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ආර්.එස්.එස්. සපුවිද මහතා 2019.11.07 වන දා ලබා දුන් තීන්දුව මගින් ජුලම්පිටියේ අමරේ නමැත්තාට මරණීය දණ්ඩනය නියම කොට තිබිණි.

තංගල්ල මහාධිකරණය නිකුත් කර තිබූ එම තීන්දුව බල රහිත කර තමන් සියලු ම චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ අභියාචනාව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන මහත්වරුන් එකී අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කරමින් එකී තීන්දුව නිකුත් කළේ ය.

උගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් එකේ සිට පහ දක්වා වූ චෝදනාවලට විත්තිකාර අභියාචක වරදකරු බවට නිගමනය කර ඇත්තේ, ඉදිරිපත් වූ සාක්‍ෂි සමස්තයක් ලෙස නීතිමය මූලධර්ම මගින් තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසුව බව අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතා විනිසුරු පී. කුමාරරත්නම් මහතාගේ එකඟතාව ඇතිව නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

2012.06.15 වන දා කටුවන, හැඩිවත්ත ප්‍රදේශයේ පිහිටි ලියනගේ රංජිත් නමැත්තාගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සභාව අමතද්දී යතුරුපැදි 4-5කින් තවත් පිරිසක් සමග එම ස්ථානයට කඩා වැදී “මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්” යැයි පවසමින් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.

එම වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී සහ 18 හැවිරිදි ජේ.පී. නිමන්ත ගේ‍ර්ෂන් මිය ගොස් තිබූ අතර 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නමැත්තා බරපතළ තුවාල ලබා තිබිණි.

කෙසේ නමුත්, තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුව වරදකරු කර තිබූ හය, හත, අට සහ නවය යන චෝදනා හතරට නියම කර තිබූ දඬුවම් අත්හිටුවීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.

Post Views: 57
Previous Post

අභිනව පාර්ලිමේන්තුවේ කතානායක ධූරය අශෝක රන්වලට

Next Post

සතුන්ගෙන් සිදුවන වගා හානිය පාලනයට රජය ගත් තීරණය

Editor TTV News

Editor TTV News

Next Post
සතුන්ගෙන් සිදුවන වගා හානිය පාලනයට රජය ගත් තීරණය

සතුන්ගෙන් සිදුවන වගා හානිය පාලනයට රජය ගත් තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved