පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් මතුව ඇති අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ නොමනා හැසිරීම සෘජුවම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කථානායකවරයා සිය නිල කාර්යාලය තුළ විවිධ පුද්ගලයන්ට ‘කොත්තු’ කැවීමට කටයුතු කිරීම වැනි ක්‍රියා හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්, පුද්ගලයන්ට ආහාර ලබා දීමට සුදුසු ස්ථාන තිබියදී සිය කාර්යාලය එවැනි දේ සඳහා භාවිතා කිරීම නොහොබිනා ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි හැසිරීම් හරහා පාර්ලිමේන්තු නිලධාරීන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














