බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාවට අනුව ඉදිරියේදී තීරණ ගනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (01) කොළඹදී යි.
එම වාර්තාව සම්බන්ධයෙන් ඊයේ දින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් වාර්තාව සභාගත කර බවත් එහි දී ඔහු ලැජ්ජාවට පත් වූ බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
මෙහි දී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිලිතුරු දුන් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් පවසා සිටියේ,
”මේ කන්ටේනර් සිද්ධියේදී ඒගොල්ලෝ ඉස්සෙල්ලම කිව්වා ඒවා බස්නාහිර ආණ්ඩුකාරතුමාගේ කන්ටේනර් කියල. ඊයේ වචනයක් ඒ ගැන කියන්නේ නෑ. පාර්ලිමේන්තුවේදීවත් කියන්නේ නෑ. කියන්න කොන්දක් නෑ ඒවා බොරු නිසා. ඊට පස්සේ මාස පහක් විතර ගිහින් මාව පැටලුවා ඒකට. මම තමයි නියෝගය දුන්නේ කියල. ඊයේ ඒ මොකුත් නෑ. ඒ නිසා ඉතාම දුෂ්ට දේශපාලනයක් කරන්නේ. අපි මේ සතපහක් හොරකම් කරන්නේ නැතුව මේ රටේ අලුත් ආණ්ඩුවක් හදල තියෙනවා. මේ රටේ පල් හොරකම් කරපු සජබෙයි පොහොට්ටුවේ ලොක්කන්ට මේ කිසිදෙයක් ඉවසන්න බැහැ. ඒගොල්ලෝ උත්සහ කරනවා හැමදේම දේශපාලන වශයෙන් මඩගහන්න යොදාගන්න. ජනාධිපතිතුමා තමයි කමිටුව පත්කළේ. නැතුව සජබ නෙවෙයි. සජබ දාපු කමිටුව තමයි මහබැංකු හොරකම වහන්නේ. මේවා එහෙම නෙවෙයි. ජනාධිපතිතුමා දාපු කමිටුවෙන්ම තමයි රේගුවේ නිලධාරීන්ගේ පැත්තෙන් නිශ්කාෂන ක්‍රියාවලියේ වැරද්දක් වෙලා තියෙනවා කියල කමිටුවෙන් තමයි කියන්නේ. නැතුව සජිත් ප්‍රේමදාස දාපු කමිටුවකින් නෙවෙයි. නාමල් දාපු කමිටුවකින් නෙවෙයි. මුජිබර් රහුමාන් දාපු කමිටුවකින් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිතුමා කමිටු වාර්තාව අනුව ඉස්සරහට කටයුතු කරයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ අන්ත බංකොලොත් වෙච්ච රට කාපු ටීම් එක බිල්ලෝ මවන්න හදනවා ඒගොල්ලෝ වගේ හොරු තමයි අපිත් කියල කියන්න. අපිට කියන්න තියෙන්නේ ඉතාම සොරි ජනාධිපතිතුමාගේ කමිටුවෙන් හෙළිදරව් වුණේ කරුණු දෙකයි. එකක රේගුවෙන් වෙච්ච මොනවහරි වැරැද්ද ගැන. ඊට වඩා මේ ඉතාම වැරදි සහගත ලෙස මේවා දේශපාලන බිල්ලෝ බවට පත්කරන්න රහුමාන්ලා, රාජපක්ෂලා, සජිත්ලා කටයුතු කළා කියන තමයි හෙළිදරව් වුණේ. ඒ නිසා ජනාධිපතිතුමා ඒකට තීන්දු ගනියි”