• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ -ඇමති ප්‍රසන්න

29 February 2024
in පුවත්, සංවර්ධන
කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ -ඇමති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කඳුකර දශකය දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන තවදුරටත් පුළුල් කරන අතර කළුතර, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් වලට අමතරව තවත් ග්‍රාම නිලධාරී වසම් 84ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 67 ක අමතර ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

එමෙන්ම මීට පෙර කඳුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ මෙරට දිස්ත්‍රික්ක 10 ක් වන නමුත් මහජන නියෝජිතයන්ගෙන් ජනාධිපති කාර්යාලය වෙත ලැබුණු ඉල්ලීම් සලකා බලා තවත් දිස්ත්‍රික්කයක එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා “ කදුකර දශකය වැඩසටහනේ සියලු ව්‍යාපෘති හදුනා ගන්න ඕන ග්‍රාමීය කමිටුව හරහායි. ඒ නිසා ග්‍රාම සේවා මට්ටමින් එම ග්‍රාමීය කමිටු පත් කර ගන්න. සියලු සංවර්ධන කටයුතු ජූලි මස 31 වන විට අවසන් විය යුතුයි. අලුත් ව්‍යාපෘති ආරම්භ කරනවට වඩා මුල්තැන දෙන්න ඕන වැඩ නතර වෙලා තිබු ව්‍යාපෘතිවල කටයුතු අවසන් කරන්නයි. ව්‍යාපෘතිවල සියලුම අධීක්ෂණ කටයුතු එම කමිටුව හරහා සිදු විය යුතුයි. ග්‍රාමීය මට්ටමින් එකතු වෙලා ව්‍යාපෘති හදුනා ගැනීමේදී යම් ගැටළුවක් අවොත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්න. එතැන විසදුමක් දෙන්න බැරි නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවන්න. එතනින් විසද ගන්න බැරිනම් අගමැතිතුමා ඉන්න ජාතික කමිටුවට එවන්න. ව්‍යාපෘති හදුනා ගැනීමේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වශයෙන් වෙන් වෙන්ව ඒවා හදුනා ගන්න. දින වකවානු සහිතව සැලසුම් සකස් කරන්න. රටේ තත්ත්වය තේරුම්ගෙන රටේ ආර්ථිකයට සවියක් විය හැකි ව්‍යාපෘති ආරම්භ කරන්න කටයුතු කරන්න” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල, මතුගම සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 හි ග්‍රාම නිළධාරී වසම් 235 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. “කඳුකර දශකය” යනු දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනකි.

එය ක්‍රියාත්මක කෙරෙන්නේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි. එම වැඩසටහන සදහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 10,000 කි. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල, කුරුණෑගල සහ අම්පාර යන දිස්ත්‍රික්ක 11 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. උතුරින් කොළඹ දිස්ත්‍රික්කයටද, නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයටද, දකුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයටද, බටහිරින් දර්ශනීය මුහුදු තීරයකටද මායිම්ව කළුතර දිස්ත්‍රික්කය පිහිටා තිබේ. බස්නාහිර පළාතේ විශාලතම දිස්ත්‍රික්කය වන්නේ කළුතරයි. ඈත අතීතයේ සිටම ආර්ථික කටයුතු වලදි ප්‍රමුඛස්ථානයක් මෙම දිස්ත්‍රික්කයට හිමිවනවා. කළුතර දිස්ත්‍රික්කයේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 14 කි. මෙහි වත්මන් ජනගහනය ලක්ෂ දොළහකට අධිකය.

කළුතර දිස්ත්‍රික්කය සදහා මෙම වසරේදී සංවර්ධන අරමුදල් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී ඇමතිවරයා නිළධාරීන් දැනුවත් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පැස්කුවල්, පියල් නිශාන්ත, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ලලිත් වර්ණකුමාර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජයසිංහ, කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 9,380
Previous Post

ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

Next Post

අනුරාධපුරයේ වැසුනු වී ගබඩාව නුදුරේම වීවෘත කරන බව මන්ත්‍රී දුමින්දගෙන් පොරොන්දුවක්

editor ttvnews

editor ttvnews

Next Post
අනුරාධපුරයේ වැසුනු වී ගබඩාව නුදුරේම වීවෘත කරන බව මන්ත්‍රී දුමින්දගෙන් පොරොන්දුවක්

අනුරාධපුරයේ වැසුනු වී ගබඩාව නුදුරේම වීවෘත කරන බව මන්ත්‍රී දුමින්දගෙන් පොරොන්දුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved