කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රණවිරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වුණා.
අයවැයෙන් වැඩි කළ දීමනා සහ විශ්‍රාම වැටුප කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණයක් ඊයේ දින කොටුව දුම්රියේ ස්ථානය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් විසින් සංවිධානය කර තිබුණා
ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් වැඩි කිරීම් සහ අයවැයෙන් ලබා දුන් සහන ලබාදෙන ලෙසයි
පූරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණය පැවැත්තුවා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.