මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්ව සිටින කම්කරුවන් තිදෙනා බේරා ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව සඳහන් වනවා.
update
මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගෙම සිරුරු සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අවස්ථාවේ දී ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වාර්තා වුණා.