පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාව මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ සිදු වුණා.
භූ කම්පනය ඇතිවීමෙන් පසු සෙබු නගරයේ විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදුවුණා.
මේ වනවිට තැන් තැන්වල මාර්ග ඉරිතලා ඇති අතර, පාලම් සහ මාර්ගවලටද දැඩි අලාභහානි සිදුව ඇත.
එරට බලධාරීන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම් මෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු තවමත් සිදුකරමින් සිටීයි .
භූ කම්පනයේ බලපෑම් එල්ල වූ සෙබු නගරය තුළ මිලියනයකට ආසන්න ජනගහනයක් ජීවත්වන බව සඳහන්.
පිලිපීනය භූ කම්පන මෙන්ම ස්වාභාවික විපත්වලට නිරන්තරයෙන් ගොදුරුවන රටක් වන අතර, වසරේ විවිධ කාලවලදී ඒ සඳහා එරට ජනතාවට මුහුණදීමට සිදුව තිබෙනවා.
අවසන්වරට 2023 එරට මින්ඩනාඕ හි නැගෙනහිර වෙරළ තීරයට රිච්ටර් මාපකයේ 7.6ක භූමිකම්පාවක් ඇති වූ අතර, ඉන් ගැබිනි කාන්තාවක් ඇතුළුව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.