කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයේ කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට රජය කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කළේය.
මෙම ව්‍යාපෘතිය සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් හා මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන යෝජනා කර ඇති බව ඔහු පැවසීය.
අද (17) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළේය.
මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතින අතර, ඒ අතරින් නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර ඇති බව ඔහු පැහැදිලි කළේය.
මෙම ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමගින් කලාකරුවන් හා මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට අමතරව, ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට හා සමාජයේ සංස්කෘතික සුපෝෂණයට ද දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ.