• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කවුරු පහර දුන්නත් මං අඩියක්වත් පසුපසට ගන්නේ නෑ – ඇමැති ටිරාන්

21 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනේදී ඇතැම් පාර්ශවයන් විසින් තමන් විවිධ චෝදනා එල්ල කරන බවත් මොන ආකාරයේ ප්‍රහාර එල්ල කලත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජා පොලිස් කමිටු සවිබල ගැන්වීම, මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “වසර එක හමාරකට පෙර කොළඹ නගරයට යෑමට පවා නොහැකි, ඉතාමත් අභියෝගාත්මක කාලයක මේ අමාත්‍යංශය වගකීම භාර ගැනීමට අපට සිදු වුණා. ඊට ටික දිනකට පසු රටේ නායකත්වයේ ද වෙනසක් සිදුවුණා. ඉන් අනතුරුව පත් වූ වත්මන් ජනාධිපතිතුමාටත්, විෂය භාර අමාත්‍යවරයා ලෙස මටත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා විශාල වගකීමක් පැවරුණා. එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධව විශාල අභියෝගයක්ද පැවතුනා. එවකට නිදහසේ මාර්ගයක ගමන් කිරීමට පවා නොහැකි කෝළහාල තත්ත්වයක් රට තුල පැවතුනා.තැන තැන විවිධ නම්වලින් ගම් පිහිටුවා ගනිමින් නොයෙකුත් ක්‍රියාකාරකම් සිදු වුණා. එම තත්ත්වයේ වෙනස් කරමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට අපට සිදුවුණා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා සමග සිදුකළ සාකච්ඡාවලදී එතුමාගේ අදහස වූයේ ද කඩිනමින් සිදුකළ යුත්තේ එය බවයි. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරක් සම්බන්ධව අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට එතුමා පොරොන්දු වුණා. ඒ අනුව වත්මන් පොලිස්පතිතුමාද දැනුවත් කර පැය 48 ක කාලයක් ලබාදී නීති විරෝධීව රැඳී සිටි පිරිස් ඉවත් කිරීමට පියවර ගන්නා බව නිවේදනය කිරීමට අප කටයුතු කළා. එලෙස ආරම්භ කළ වැඩ පිළිවෙල අනුව පැවති වාතාවරණය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අපට හැකියාව ලැබුණා. එලෙස සිදු වූ වෙනස පිළිබඳ මුළු රටම දැනුවත්. ඉන් අනතුරුව අපට පැවැති දැවැන්තම අභියෝගය පාතාලය හා මත්ද්‍රව්‍යයි. මෑත කාලයේ ඇතැම් මාස වල දෛනිකව වෙඩි තැබීම්, ඝාතන වාර්තා වුණා. ඒ සියල්ලක්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධයි. මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාස වල සිට නව සැලසුමක් සහ වැඩපිළිවෙළක් යටතේ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම ආරම්භ කරනු ලැබුවා. ඉන් අනතුරුව පසුගිය 17 වැනිදා සිට දකුණු පළාතෙන් මෙහෙයුම් ආරම්භ වුණා. එමෙන්ම ඒ සඳහා එක් වන ලෙස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් සියලු දෙනාට ආරාධනා කිරීම සඳහා විශේෂ වැඩමුළු මාලාවක් ද ආරම්භ කළා. ඒ සඳහා මුළු රටේම ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීම අපේ අරමුණයි. එහිදී කිසිවෙකුගේ කිසිඳු බලපෑමකට යටත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට අප පියවර ගන්නවා. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්ධනය පිළිබඳව කටයුතු ආරම්භ කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරයන් වලට මුහුණ දීමට අපට සිදුවී තිබෙනවා. මිනිසුන් ඝාතනය කිරීමට නියෝග ලබා දුන් බවටත් ප්‍රචාරයෙන් සිදුකර තිබෙනවා. මෙම මෙහෙයුම් අතරතුර පොලිසියට එරෙහිව කිසිවෙකු ක්‍රියා කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවන බව මා ප්‍රකාශ කළා. සෘජු තීරණ ගනිමින් කටයුතු නොකළහොත් කිසිම දිනක මේ අභියෝගය ජයගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අප සමග එක්වන ලෙස විවෘතව ආරාධනා කරන්නේ සියලු දෙනාගේම දූ දරුවන්, ඥාති හිතවතුන් මේ උවදුරෙන් ආරක්ෂා කරගැනීම සඳහායි. ඒ අනුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තුළින් පසුගිය දින කිහිපය තුළ විශාල සාර්ථකත්වයක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. එහි විශේෂ ගෞරවය පොලිසියටත් විශේෂ කාර්ය බළකායටත් හිමිවනවා. කිසිදු බලපෑමකින් තොරව රාජකාරි ඉටු කිරීමට හැකි වීම නිලධාරීන්ටද විශාල ශක්තියක්. මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හෝ අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් විට සිදුවූයේ කිසියම් බලවතෙකුගේ දුරකථන ඇමතුමකට හෝ බලපෑමකට නැවත ඔවුන් නිදහස් කිරීමයි. ඉදිරියට එවැනි දේවල් සිදුවීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැහැ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ සතියකට පමණක් යන මතයක් ගොඩනැගී තිබුණා. නමුත් අඛණ්ඩව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා පොලිසියට ලබාදී ඇති ඉලක්කය ජූනි තිස් වන දා දක්වා පමණයි. ඒ වන විට සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කළ යුතුයි. නමුත් වැඩ බලන පොලිස්පතිතුමාගේ ඉලක්කය මාස තුනක් තුළ මෙම මෙහෙයුම සම්පූර්ණ කිරීම බව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි කාර්යක් සිදු කිරීමේදී විවිධ අභියෝගයන්ට, බාධක වලට මුහුණ දීමට සිදුවෙනවා. මේ වන විටත් ඇතැම් නීතිඥවරුන් මේ පිළිබඳ කලබල වී තිබෙනවා. නමුත් අපේ රටේම ඇතැම් නීතිඥවරුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු භාර ගැනීමට නොහැකි බව ප්‍රකාශ කරනවා. අතලොස්සක් පමණක් මිලියන ගණන් මුදල් ලබාගනිමින් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඕනෑම නීතිඥයෙකුට ඕනෑම නඩුවකට පෙනී සිටීමේ අයිතිය තිබෙනවා. නමුත් එය සදාචාරාත්මක ද යන්න විමසා බැලිය යුතුයි. වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමේදීද ඊට විරුද්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් විශාල පීඩනයක් පැවතුණා. ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ ඉන් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් බවයි. විවිධ මාධ්‍ය හමු පවත්වමින් ප්‍රහාර එල්ල කරනවා. නමුත් කවුරුන්, මොන ආකාරයේ ප්‍රහාර එල්ල කලත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බව මා අවධාරණය කරනවා. මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සැම විටම පවතිනවා. එමෙන්ම මේ වැඩපිළිවෙළ පිළිබඳව විශාල විශ්වාසයක් එතුමාගේ තිබෙනවා. ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ සහ ත්‍රිවිධ හමුදාවේ විශාල සහයෝගයක්ද අපට ලැබෙනවා. ඒ ආකාරයෙන්ම ප්‍රජා පොලිස් කමිටුවල සහයෝගය ද අඛණ්ඩව අපට ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ සැළසුමක් – කෘෂිකර්ම අමාත්‍යාංශය

Next Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් නෙමෙයි – උදයංග වීරතුංග

editor

editor

Next Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් නෙමෙයි - උදයංග වීරතුංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved