27 April 2024
#දේශීය

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් නෙමෙයි – උදයංග වීරතුංග

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) එස්තෝනියාවේ සිට ඍජු ගුවන් සේවාවේ ගුවන් යානයක් මත්තලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මෙරටට රුසියාවේ සංචාරකයින් ගෙන්වීමට සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව හෙතෙම පැවසිය.

වත්මන් ජනාධිපතිවරයාට මේ මොහොතේ අවශ්‍ය සහය ලබා දෙන නමුත ඔහු යළි ජනාධිපතිවරණයට පැමිණෙන්නේ නැති බව තමා කැට තබා ප්‍රකාශ කරන බව උදයංග වීරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *