ත්‍රිකුණාමලය වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූහ. ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමි සහ පූජ්‍ය නන්ද හිමි ඇතුළු 10 දෙනෙකු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුගිය 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. ත්‍රිකුණාමලය නගරයේ සංවේදී කලාපයක අනවසර ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් පවතින මෙම නීති කෘත්‍යය පිළිබඳව අවධානය යොමු කරමින් අධිකරණ පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබේ.














