කළුතර මහ නගර සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකයෙකු වූ බන්දුල ප්‍රසන්න මහතා ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රධාන වෙඩික්කරු බලන්ගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොහුට අනුබල දුන් 23 හැවිරිදි කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස් දැලේ පැටලී තිබේ.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි වෙඩික්කරු මීට පෙර:
2025 දෙසැම්බර් 31: කළුතර නාගොඩ රෝහලේදී රැඳවියෙකුට වෙඩි තැබීම.
2026 ජනවාරි 09: හෝටල් හිමිකරුවෙකු ඝාතනය කිරීම. යන සිද්ධීන්වලට ද සෘජුවම සම්බන්ධ වූ අයෙකු බව හෙළි වී ඇත. බන්දුල ප්‍රසන්න මහතා ඉකුත් 07 වැනිදා රාත්‍රියේ සිය නිවස පිටුපසදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, ඔහු මීට පෙර 2024 වසරේදී ද මෙවැනිම වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූවෙකි.













