මහව – ඕමන්තේ දුම්රිය ව්‍යාපෘතිය යටතේ අතරමඟ නැවතී තිබූ කාසිකොටේ අලි උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අමාත්‍ය මණ්ඩල මැදිහත්වීමෙන් යළි ආරම්භ කර තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ (10) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ප්‍රගතිය විමසා බැලීය. 2016 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය නිසි පාරිසරික බලපෑම් ඇගයීමකින් (EIA) තොරව සිදුකිරීම හේතුවෙන් පැනනැගුණු ගැටලු නිරාකරණය කරමින්, වනජීවී සහ මහජන ආරක්ෂාව තහවුරු වන පරිදි උමඟේ වැඩ අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත.














