මගී ප්‍රවාහන බස් රථවලට සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීමේ ක්‍රියාවලියත් රථවාහන සම්බන්ධයෙන් පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම කුමන බලපෑම් ආවත් ඉදිරියට කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.රථ වාහන මෙහෙයුම් හරහා අනතුරු අවම වී ඇති බවත් ඔහු පැවැසීය.
“පසුගිය වසර පහක් තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12140ක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. බරපතල තුවාල සිදුවන රිය අනතුරු 20ක් පමණ දිනකට වාර්තා වෙනවා. පසුගිය වසර පහේදී බරපතල තුවාල ලබා ආබාධිත වූ සංඛ්‍යාව 90000කට ආසන්නයි.මේ ක්‍රියාවලිය නවත්වා ගැනීමට තමයි රථ වාහන මෙහෙයුම් ආරම්භ කළේ.
මූලිකවම මගී ප්‍රවාහන බස් රථ වලින් සිදුවන රථ වාහන අවම කර ගැනීමට උත්සාහ ගත්තා. ඒ අනුව එම රථවල අමතරව සවිකර ඇති පහන්, වාහන තුළ ඇති නොයෙකුත් සවි කිරීම්, වාහන තුළ හා වාහන වලින් පිටත සවිකර ඇති ලෝහමය කොටස් ඉවත් කිරීම ගැන අපි මූලික අවධානය යොමු කළා. කෙසේ වෙතත් සති දෙකක කාලයක් තුළ මෙවැනි නීති විරෝධී සවි කිරීම් වෙනුවෙන් දඩ පත්‍රිකා නිකුත් කිරීමක් හේ අධිකරණයේ නඩු පැවැසීමක් සිදු කරන්නේ නෑ.ඔවුන්ට මෙම නීති විරෝධී සවි කිරීම් ඉවත් කරන්න දැනුම් දීමක් පමණයි කරන්නේ.
මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු දිනකට මාරක රිය අනතුරු වාර්තා වීම හතරක් පහක් අතර පමණ ප්‍රමාණයකටත් බරපතල තුවාල ලබන රියඅනතුරු 8-10 අකර ප්‍රමාණයකට අඩු වුණා. මේ මෙහෙයුම් ඉතාමත් ප්‍රතිඵලදායකයි.
මේ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා නීත්‍යානුකූල නොවන සියලුම දේ ඉවත් කරන්න. ශ්‍රී ලංකා පොලීසිය කරන කරන මෙම රථවාහන මෙහෙයුම් නවත්වන්න යම් යම් කණ්ඩායම් කුමන බලපෑම් කළත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යනවා”