කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත කාර්මිකයන් සඳහා විශේෂිත වූ නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ කිමිදුම්කරුවන්ගේ සංගමය සහ ඒ ආශ්‍රිත ධීවර කාර්මිකයන් විසින් කලක සිට කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව කිමිදුම්කරුවන්ගේ ජීවිත අවදානම කළමනාකරණය කිරීම මෙහි මූලික අරමුණයි
මෙම නව රක්ෂණ ක්‍රමය යටතේ ධීවර කටයුත්තක නිරතව සිටියදී සිදුවන මරණයකදී රුපියල් ලක්ෂ 12ක වන්දියක් ලබා දෙන අතර මුහුදේ හෝ මිරිදිය ජලාශවල කිමිදීමේදී සිදුවන අනතුරු හේතුවෙන් ඇතිවන තාවකාලික අකර්මණ්‍ය වීම් ද ආවරණය කරනු ලැබේ රුපියල් 1,200,000 සහ රුපියල් 1,500,000 යන රක්ෂණ ආවරණ සහිත විවිධ යෝජනා ක්‍රම යටතේ වසරකට රුපියල් 1920 වැනි සුළු මුදලක් ගෙවීමෙන් ධීවර කාර්මිකයන්ට මෙම වටිනා ආරක්ෂාව සලසා ගත හැකිය














