හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ දියණිය වන චමිත‍්‍රී ජයනිකා රඹුක්වැල්ල මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතා අද (06) නියෝග කළේය. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා, සැකකාරියට විදේශ ගමන් තහනමක් ද පැනවීමට කටයුතු කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඇයව අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර, මෙම සිද්ධියටම අදාළව මුදල් විශුද්ධිකරණයට සහාය වූ බවට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් රත්මලාන ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු බව කියන සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නැමැත්තා දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.












