දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා, රැකියා ගිවිසුම් අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින ශ්‍රමිකයින්ට විශේෂ සහනයක් සැලසීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව, වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටින ශ්‍රමිකයින් දෙවන වසර සඳහා ලියාපදිංචිය අලුත් කිරීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය තවදුරටත් සිදු කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇත. මෙම නව තීරණය 2026 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
මීට පෙර පැවති ක්‍රමවේදය අනුව, භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කළ ශ්‍රමිකයෙකුට පළමු වසර තුළ රැකියා ගිවිසුමක් නොලැබුණහොත්, දෙවන වසර සඳහා ලියාපදිංචි වීමේදී නැවත වරක් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය විය. එහෙත් නව සංශෝධනයට අනුව පළමු වර සිදුකළ වෛද්‍ය පරීක්ෂණය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් වේ.
පරිපාලන කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා රැකියා අපේක්ෂිතයින්ට දැරීමට සිදුවන අනවශ්‍ය වියදම් අවම කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි.














